පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අංශයේ ප්‍රථම ස්ථානය ලබා
ගැනීමට මහනුවර ඩී.එස්. සේනානායක විදුහලේ අධ්‍යාපනය ලබන සාරත කවිත් රාජපක්ෂ සිසුවා සමත්ව තිබේ.
ඩී.එස්. සේනානායක විදුහලේ විශේෂ අධ්‍යාපන ඒකකයේ දෘශ්‍යාබාධිත අංශයේ ඉගෙනුම ලබන සාරත දරුවාගේ දෑසම නොපෙනෙන

අතර බ්‍රේල් ක්‍රමයෙන් අධ්‍යාපනය හදාරා පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 181ක් ලබා ගනිමින් සමත්

වීමට ඔහුට හැකියාව ලැබී ඇති අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය එම දරුවා හට විශේෂ ත්‍යාගයක් ප්‍රදානය කිරීමටද පියවර ගත්තාය.
පාසල් අධ්‍යාපනයේදී විදුහලේ ආචාර්ය මණ්ඩලයෙන් නොමද සහයක් ලැබුණු බව කී එම සිසුවා නිවසේදී දෙමාපියන් ද අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහයෝගය ලබා දෙන බව කීවේය.
මහනුවර ගුරුදෙණියේ පදිංචි රොහාන් රාජපක්ෂ හා නාමලී මල්වැන්න යන දෙපලා දාව උපන් දෙවන දරුවා වන සාරත කවිත් රාජපක්ෂ හට වැඩිමහල් සහෝදරියක්ද සිටින අතර අනාගතයේ රාජ්‍ය සේවා පරිපාලන නිලධාරියකු වීම සාරතගේ බලාපොරොත්තුවයි.