තම නිවසේ පිහිටි පේර ගසේ, පේර කැඩීමට ගසට නැගි (13) වියැති පැසල් සිසුවෙක් එම ගස කඩා වැටීමෙන් පෙරේදා (03) ප.ව.05 30 ට පමණ මරුමුවට පත්ව ඇති බව ආගරපතන පොලීසිය පවසයි.

මෙසේ මරුමුවට පත්ව ඇත්තේ, ලිදුල ශාන්ත රෙගුලස් තේ වත්තේ, ගුණසීලන් අභිලාසන් නැමති අයෙකි. මොහු ලිදුල මෙරායා දෙමළ මහා විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙණුම ලබමින් පසුවේ.

මෙම සිසුවා පේර ගස සමග බිමට කඩා වැටීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයෙන් නුවරඑළිය මූලික රෝහල වෙත ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව වැඩිදුර පරීක්ෂණ පවත්වන ආගරපතන පොලීසිය පවසයි. මළ සිරුර පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (04) නුවරඑළිය මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)