ප්‍රවේශමෙන් මිලට ගන්න
සිල්ලර කඩ වල පොල්තෙල් වැඩිහරිය 
පාම් තෙල් මිශ්‍ර කරපුවා
- පාරිභෝගික සේවා අධිකාරිය දන්වයි

ලංකාවේ සිල්ලර කඩවලින් මිලට ගැනීමට තිබෙන පොල්තෙල් වැඩි ප්‍රමාණයක් පාම් තෙල් මිශ්‍රකර ලාබ අරමුණු කර නිපදවන ලද ඒවා බව පරීක්ෂණ වලින් තහවුරුවී ඇති බවත් ඉදිරියට එවැනි කටයුතු නොකරන්නට ප්‍රමිතිය සම්බන්ධ නීති ගෙන ඇති බවත්
පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ


ජනරාල් ඒ.කේ.ඩී.ඩී.ඩී අරන්දර මහතා දන්වා සිටී.

‘සිල්ලර කඩවලින් පොල්තෙල් මිලට ගන්නකොට නිෂ්පාදකයෙක් හඳුනාගන්නට වත් අවස්ථාවක් නැහැ. බෝතල් කරන ලද විශේෂ වර්ග එනවනම් පමණයි හැකියාවක් තිබෙන්නෙ.
අප කළ පරීක්ෂණවලින් අනාවරණයවී තිබෙනවා වෙළඳපොලේ අලෙවි කරන පොල්තෙල් වලින් සියයට 50 කටත් අධික ප්‍රතිශතයක තිබෙන්නේ පිරිසිඳු පොල්තෙල් නොවන බව හා
ඒ තෙල්වර්ග වෙනත් තෙල් වර්ග සමග මිශ්‍ර කොට ඇති බව.
විශේෂයෙන්ම වැඩිහරිය පාම් ඔයිල් සමග මිශ්‍ර කොට තිබෙන්නේ.
ඒ සම්බන්ධයෙන් අලුත්ම රෙගුලාසි ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ වනවිටත් ගැසට් පත්‍රය මුද්‍රණයට යවා අවසන්. පොල්තෙල් වෙළෙඳ පොළට නිකුත් කිරීමේදී නිෂ්පාදකයා කවුද කියන එකයි යම් තෙල් වර්ගයක් සමග මිශ්‍ර කොට තිබේ නම් ඒ කවර ප්‍රතිශතයකින්ද යන වග සඳහන් කළ යුතුයි‘
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය.