ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ හා ජනප්‍රිය ගායන ශිල්පී කිත්සිරි ජයසේකර යන අයගේ වැඩිමහල් සොහොයුරු වන ව්‍යාපාරික ජේ.පී.නන්දසිරි පුෂ්පකුමාර ජයසේකර මහතා ඊයේ (13දා) ශ්‍රී
ජයවර්ධනපුර රෝහලේදී මියගියා.මිය යන විට 60 වියේ පසු වූ ඒ මහතාට දූවරුන් දෙදෙනෙකු සිටී. ඔහුගේ පවුලේ දයාසිරි කිත්සිරිට අමතරව දේශීය ආදායම්

දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් රූපකුමාර ජයසේකර, ඕමානයේ සේවය කරන කීර්ති කුමාර ජයසේකර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවය කරන දිනසිරි සිසිර කුමාර ජයසේකර, කුරුණැගල පදිංචි උපගුරු ශ්‍රියානි කුමාරි ජයසේකර යන අයද සිටින අතර මියගොස් ඇත්තේ සියල්ලන්ගේම වැඩිමලාය.
දේහය නො.17/2, මුරුතාන කොච්චිකඩේ නිවසේ තැන්පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය දන්වා සිටී.දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (15දා) ප.ව.4.00 ට මුරුතාන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. ඔහු විය.