‘මැරයෙක්‘ යයි සිතා රෝහල් බයකරන
කායවර්ධන ශිල්පියෙකුවූ
මහනුවර රෝහලේ ඇස් දොස්තර
මහනුවර මහ රෝහලේ සේවය කරන තරුණ වෛද්‍යවරයෙකු ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කථාබහට ලක්ව තිබේ.
වෛද්‍ය පණ්ඩුල බස්නායක නමැති ඔහු සාමාන්‍ය වෛද්‍යවරයෙකු ලෙස අපගේ සිතේ මැවෙන රූපයට හාත්පසින්ම වෙනස් ආරෝහ පරිනාහ දේහධාරියෙකි. පසුගිය වසර කිහිපයකම මිස්ටර් ශ්‍රී ලංකා හා මිස්ටර් කැන්ඩි තරගවල ජයග්‍රහණ අත්කරගත් ඔහු දුටුවන් නැවත හැරී බලන්නට සමත්
දේහයකින් යුතුව රෝහල් වලට ප්රවේශවන අක්ෂි වෛද්‍යවරයෙකි.
පාසලේදී ක්‍රීඩා කටයුතු කිසිවක් නොකර විශ්ව විද්‍යාල ජීවිතයේදී ටයිකොන්ඩෝ සටන් කලාව පමණක් ප්‍රගුණ කර පසුව සීමාවාසික පුහුණුව ලබන කාලයේ ජිම් එකකට යන්නට අවස්ථාව ලැබීමෙන් පසු ඔහු මේ ඇඟ හදාගන්නට යොමුවී තිබේ.
සහෝදරියන් දෙදෙනෙකු යුත් පවුලකට අයත් මෙම වෛද්‍යවරයා වර්තමානයේ සිය වෛද්‍ය වෘත්තිය ජීවිතයට අමතරව දිනකට පැය තුනහමාරක් පමණ කායවර්ධන පුහුණුවීම් වලට වේලාව මිඩංගු කරන්නෙකි.
වර්තමානයේ හෝමෝන සහිත සප්ලිමන්ට්ස් ගෙන ක්ෂණිකව ඇඟ හදාගන්න උත්සාහ දරන තරුණයන්ට එලෙස ඒවා සිදු කරන්න එපා යයි අවවාද කරන වෛද්‍ය පණ්ඩුල
‘මම කවදාවත් මගේ ඇඟ හදාගන්න හෝර්මෝන සප්ලිමන්ට්ස්, උත්තේජක, එන්නත් වගේ අයහපත් දේවල් පාවිච්චි කරලා නැහැ. මට මේ විදියට ඇඟ හදාගන්න පුළුවන් නම් අනෙක් අයටත් බැරි නැහැ. කෙටි කාලීන ක්‍රමවේදවලින් ප්‍රතිඵල ඉක්මන් වුණාට ඒවායේ අතුරු ආබාධ නම් දිගුකාලීනයි.’ පවසා ඇත.
රූපවාහිනී නාලිකාවලට පැමිණ කායවර්ධනය සඳහා උපදෙස් ලබාදීමටද වෛද්‍ය පණ්ඩුල උනන්දුවේ. ඔහු සම්බන්ධවූ වැඩසටහනක් පහතින්