පසුගිය ජනවාරි මාසයේ රට තුළ ආන්දෝලනයක් ඇති කරමින් මියගිය ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිය වන ශෂිකා නිශාමනී මුණසිංහ තමාට ආරක්ෂාව ලබාදෙන ලෙසට
කර තිබෙන ඉල්ලීමට සහයෝගය දක්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට ලිඛිත දැනුම්දීමක් කර තිබේ.
නගරයේ ගොඩනැඟිල්ලක පැවැති සාදයකදී පොලිසිය හා සාදයට පැමිණ සිටි පිරිසක් අතර වූ ආරවුලකදී මියගිය
මුණසිංහ මහත්මිය විසින් ඉකුත් සැප්තැම්බර් 19 වැනි දින අග්‍රාමාත්‍යවරයා වෙත ඒ ගැන ලිපියක් යැවූ පසු අදාළ නියෝගය අගමැතිවරයා සිදු කර ඇත.
තමාගේ මෙන්ම තම දියණියන් දෙදෙනාගේ ජීවිතවලට තර්ජන එල්ලවන බවට සැකයක් පවතින බවත් ජංගම වෙළෙන්දියන්, ආබාධිත පුද්ගලයන්, ත්‍රිරෝද රියැදුරන් වැනි විවිධ වේශයෙන් පැමිණෙන අය තමා සිටින ස්ථානය
ගැන අවට වැසියන්ගෙන් තොරතුරු විමසා තිබීම සැකයට තුඩු දෙන්නක් බවත් නිෂාමනී මුණසිංහ මහත්මිය එහි දක්වා ඇත.ෙ
ඇඹිලිපිටිය - රූපසේන පත්තුව