ගාල්ලේ සිට කොළඹට දුම්රියේ ගමන් කළ
චීන තරුණිය ඇද වැටී මරුට

අද 9 උදෑසන ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක මිතුරියක සමග ගමන් කරමින් සිටි චීන ජාතික තරුණියක එහි පාපුවරුවෙන් ඇද වැටී මරණයට පත්වුණා.
මෙම අනතුර සිදුව ඇත්තේ මාදම්පාගම දුම්රිය ස්ථානය ඉදිරිපිටදීය. මෙසේ ජීවිතක්‍ෂයට පත්වූ අයගේ නම ඩෙන් යෂී බවත් ඇය 25 හැවිරිදි 
අයකු බවත් ඇය සමග


පැමිණි මිතුරිය පොලිසියට දන්වා ඇත.
 පා පුවරුවේ ගමන් කරමින් සිටියදී මාදම්පාගම දුම්රිය ස්ථානයේ වේදිකාව කිට්ටුවට දුම්රිය පැමිණි බවත් අනපේක්ෂිත ලෙස පැමිණි එම බාධකයෙන් ඉවත්වන්නට ඇයට අපහසුවූ බවත් මිතුරිය දන්වා ඇත. ඇය දුම්රිය වේදිකාව හා පාපුවරුව අතර සිරවී ඇදවැටී ඇත. පසුව දුම්රිය මාර්ගයට ඇය හිරවීම නිසා එතැනදීම මරණයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
ඒ ගැන පළවූ ස්වර්ණවාහිනී වීඩියෝ වාර්තාව පහතින්