සති කිහිපයක සිට සිහිය නැතිව රෝහල්ගතව ප්‍රතිකාර ලබන තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සිය මහ ඇමති බලතල හා වගකීම් අත්හැරීමට තීරණය කළ බව අද වාර්තා වුණා.

ඇගේ බලතල නියෝජ්‍ය මහ ඇමතිවරයා වෙත පවරා ඇති බව එම ප්‍රාණ්ත ආණ්ඩුකාරවරයා පවසා තිබේ.
පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිටචෙන්නායි ඇපලෝ රෝහලේ අසාධ්‍යව

රෝහල්ගතව සිටින මහ ඇමතිනියගේ තත්වය කුමක්දැයි කිසිවෙකු පවසන්නේ නැති අතර ඇය මියගොස් සිටින බවටද මත පළවේ. ඇගේ කැමැත්ත පරිදි මෙසේ ඇගේ අමාත්‍යාංශ හා වගකීම් නියෝජ්‍ය මහ ඇමතිවරයා වෙත පැවරීමට කටයුතු කළ බව ආණ්ඩුකාරවරයා දන්වන්නේ ඇයගේ ප්‍රකාශයකින් හෝ තොරවයි.
මින් ඉහත ජයලලිතා සිරඅඩස්සියට පත්වූ අවස්ථාවේ 140 කට ආසන්න පිරිසක් දිවිනසාගැනීම් ඇතුළු විවිධ හේතුමත මරුදුටු අතර මේ නිසා ඇගේ තත්වය තවමත් බලධාරීන් සඟවා සිටී. කටකතා පතුරුවන අය අත්අඩංගුවට ගැනීමටද එම ප්‍රාන්ත පොලීසිය පසුගියදා කටයුතු කර තිබේ.