තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් පසුගිය 22 වනදා සිට තවමත් ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.
රෝහල් ගතකොට තුන්වැනි සතිය ඉක්ම යමින් තිබුණද ඇයගේ රෝගී තත්ත්වය ඉතා අයහපත් තත්ත්වයක පවතින මාධ්‍ය වාර්තාවලින් කියැවේ.
විජලන තත්වයක් හා උණ රෝග තත්වයක් මත ඇයව
ඇය සිහිසුන්ව සිටින බවත් එම තත්ත්වයෙහි වෙනසක් නොමැති බවත් රෝහල් ආරංචි මාර්ග තහවුරු කොට ඇති අතර ඉන්දියාවේ ඇතැම් සමාජ මාධ්‍ය පිටු වාර්තා කර ඇත්තේ ඇය මොළයේ මරණයකට බඳුන් වී ඇති බවකි.
ඇපලෝ රෝහලේ ඇය සිටින නිසා ඇගේ ආධාර කරුවන් විශාල පිරිස් ඒ අවට නිරතුරුවම තවමත් රැඳී සිටින අතර එම රෝහලේ අනෙක් කටයුතුද මේ නිසා අවුල්ව ගොස් ඇත.
ජයලලිතාගේ සුවිශේෂී රෝගී තත්ත්වය සලකා එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු හදිසියේ රෝහල වෙත කැඳවා ඇති බවත් වාර්තා විය.
කෙසේ වෙතත් ඇගේ සුවදුක් බලන්නට අවසර ඇතිව යන ප්‍රභූ පැළැන්තියේ අය ජනතාවට පසුව විස්තර කරන්නේ ඇය හොඳ තත්වයට එමින් පවතිනවා යන සැක නැති කරවීමේ පණිවිඩය පමණි.