මින් කලකට පෙර කොලොන්නාව ප‍්‍රදේශයෙන් මැතිවරණයකට අයදුම් කිරීමට උත්සාහ දැරීම නිසාද ප‍්‍රකට වූ එළිමහන් වේදිකාවේ නමක් දිනූ ගායිකාවක වන ජින්ජර් හෙවත් ජූඞ් ඇන්වයිට් පසුගියදා ආන්දෝලනයක් ඇති කළ ‘කයිසර් කයිස්’ වේදිකාවේ කුණුහරුපයෙන් ගීත ගැයීමේ සිද්ධිය ගැන සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වා තිබේ.

ඇය ඒ ගැන මෙසේ කියා ඇත.
‘වින්දනය තකා පාවිච්චි කරන්න පුළුවන් වචන තියනවා. මාත් ඒ වගේ වචන ප‍්‍රසංග වලදි පාවිච්චි කරනවා.හැබැයි කවදාවත් ඔය විදිහේ කුණුහරුප නම් කියල නෑ. කට්ටියට ගහල තියෙන්නෙ ඇමරිකාවේ එමිනම් කියන රැප් ගායකයාගෙ පිස්සුව.ඒ ගායකයගෙ වැඬේ කුනුහරුප කියල මිලියන ගණන් හම්බ කරන එක. අපේ අය හිතන්නෙ ලොකු ටීෂර්ට් කමිස ඇන්දම එමිනම් වගේ කියලා.අපට එතැනට යන්නත් බෑ වගේම යන්න  ඕනත් නෑ. මේ සිද්ධියට රජය මැදිහත් වෙලා නීතිමය පියවරක් ගන්න  ඕන.’