පානදුර කේතුමතී කාන්තා රෝහලේ රාත්‍රි කාලයේ සුදු ඇඳගත් කාන්තා රුවක් දර්ශනය වීමෙන් කාර්‍ය මණ්ඩලය දැඩි අපහසු තාවයකට පත් වී ඇති බව වාර්තා වේ. එම සුදු ඇඳගත් කාන්තා රූපය දර්ශනය වන්නේ රෝහලේ පරණම ගොඩනැගිල්ල වන කේතුමතී ගොඩනැගිල්ලෙහිය. එම ගොඩනැගිල්ල කාමර 99 කින් යුත්
පැරණි නිවසක් වන අතර එහි ප්‍රධාන පියගැට පෙළ ආශ්‍රිත ස්ථානවල මධ්‍යම රාත්‍රියේ හෝ අළුයම් කාලයේදී මෙම සුදු කාන්තා රුව දර්ශනය වී තිබේ.
මේ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ දෙවන මහලේ කාමර වල රොගීන් නැවත් වීමට කාර්‍ය මණ්ඩලය වැඩි කැමැත්තක් නොදක්වන අතර මීට වසර කිහිපයකට පෙරද මෙම සුදු ඇඳගත් කාන්තා රුව එම ස්ථානයෙන්ම දිස්වී තිබේ.

ඒ අවස්ථාවේදී රෝහල් පාලනාධිකාරිය රෝහල තුළ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවත් වීමට කටයුතු කර ඇති අතර ඊට පසු එම රුව දිස්වී නොමැත.
මේ දින වල රෝහලේ මෙම ප්‍රධාන ගොඩනැගිල් අළුත් වැඩියා කටයුතු සිදුකරමින් තිබෙන අවස්ථාවේ නැවත එම කාන්තා රුව දක්නට ලැබී ඇති අතර පෙර අවස්ථවේ ද එම කාන්තා රුව දක්නට ලැබී ඇත්තේ ගොඩනැගිල්ලේ අළුත් වැඩියා කටයුතු සිදුකරන විට වීම විශේෂත්වයකි.
කාර්‍ය මණ්ඩයේ බොහෝ දෙනා දැක ඇති කාන්තා රූපය සදු සාරියකින් හා සුදු පාවහන් යුවලක් පැළඳ සිටිනු දක්නට ලැබී ඇති අතර දැනට මෙම සුදු කාන්තා රූපය දැක ඇත්තේ රෝහලේ කාර්‍ය මණ්ඩලය පමණක් වීමත් විශේෂත්වයකි.
ගිය වර මෙන් මේ අවස්ථවේ ද රෝහල තුළ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමට කටයුතු කරන ලෙස කාර්‍ය මණ්ඩලය රෝහල් පාලනාධිකාරියට දන්වා තිබේ.