ඇමරිකාවේ ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත්කරන්නියක හා සරාගී නිරූපිකාවක වන කිම් කාර්ඩශීන් ප්‍රංශයේ විලාසිතා ප්‍රදර්ශනයකට එක්වීමට සංචාරය කරද්දී ඇගට කඩා පැන්න තරුණයෙකු නිසා සිදුවූ එක් අකරතැබ්බයක් ගැන ලෝකය පුරා ආන්දෝලනයක් ඇතිවී වැඩි කාලයක් යන්නට මත්තෙන් ඇයව බරපතල කොල්ලකෑමකට ලක්වූ තවත් සිදුවීමක් වාර්තා වේ.

ඇය නතරවී සිටි පැරිසියේ මහල් නිවාසයට පොලිස් නිලධාරීන් ලෙස සැරසී ආයුධ සන්නද්ධව කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් ඇයගේ හිසට තුවක්කු එල්ල කර බිය කර ගැටගසා නාන කාමරය තුළ සිර කර තබා ඇය සතු වටිනාදේ සොරකම් කරමින් ඊයේ උදෑසන කොල්ලයක් සිදු කර තිබේ.
මෙම අවස්ථාවේ ඇගේ කාමරයේ ඇය සමග ප්‍රංශයට ගිය ඇගේ මව නොසිටි බවද වාර්තාවිය.


කොල්ලකරුවන් සොරාගත් රත්රන් ආභරණ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 11.2 පමණ වෙතැයි ගණන් බලා ඇත.
මානසිකව ඇය මෙම සිද්ධියෙන් කැළඹී ඇති නමුත් ශාරීරිකව නිරුපද්‍රිත බව ඇගේ මාධ්‍ය ප්‍රකාශක දන්වා ඇත.
මෙම සිද්ධියෙන් පසුව කිම් පෞද්ගලික ජෙට් යානයකින් නිව්යෝර්ක් වෙත පියාසර කර ප්‍රංශය හැර ගිය බවද වාර්තාවේ.‍
ප්‍රංශයේ වේලාවෙන් සඳුදා 02:30 පමණ සිදුවූ මෙම කොල්ලය සඳහා සුපිරි මහල් නිවාසය වෙත පොලිස් නිල ඇඳුම් වලට සමාන ඇඳුමින් පැමිණ ඇත්තේ 5 දෙනෙකු බවත් ඔවුන් බයිසිකල් වලින් පැමිණ ඇති බවත් වාර්තා වුණා.
ප්‍රංශ විදේශ ඇමති ජින් මාක් අයිරෝල්ට් TV5 Monde නාලිකාව අමතමින් මේ සිදුවීම ගැන වහා පරීක්ෂණ අරඹන බවද පැවසීය. ඇය වැනි කෙනෙකුට සිදුවන අකරතැබ්බය නිසා ප්‍රංශයට එන සංචාරකයින් බියක් ඇති කරගන්නට ඉඩතිබෙන බවද ඔහු අදහස් දක්වා ඇත.
දෙදරු මවක වන කිම් කාර්ඩශින් තවත් ප්‍රකට තාරකාවක් වන කෙන්යා වෙස්ට් සමග විවාහවී සිටී. සිද්ධියෙන් පසු ඔහුද සිය ප්‍රසංග නවතා ඇය වෙත පැමිණ ඇත.