ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාට අයත් හෝකන්දර ප්‍රදේශයේ නිවෙසේ සිටියදී අබිරහස් ලෙස මියගිය බව කියන ළහිරු ජනිත් දිසානායක නමැති (24) තරුණයාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහල වෙත
භාරදෙන ලෙස නියෝග කළ නුගේගොඩ වැඩ බලන
තවද එම සිරුර ආදාහනය නොකර හෝකන්දර පොදු සුසාන භූමියේදී භූමිදානය කරන ලෙසටද වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ජයවර්ධනපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති එම තරුණයාගේ සිරුර සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කර තිබූ ඉල්ලීමකට අනුව වැඩ බලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා ඊයේ පෙරවරුවේ ජයවර්ධනපුර රෝහල් මෘත ශරීරාගාරය වෙත ගොස් එම තරුණයාගේ සිරුර පරීක්ෂා කිරීමෙන් පසුව එසේ නියෝග කෙළේය.
(කුමුදු උපුල් ශාන්ත- මවිබිම)