තම දරුවාගේ පස්වන උපන් දිනය දා හැටන් නගරයට පැමිණි අවස්ථාවේ මිලට ගෙන දුන් ලොලිපොප්
ටොෆියේ අන්තර්ගතව තිබි යකඩ ඇණයක කොටසක් හමුවු බව දික්ඔය මානික්ක තේ වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවකු වු එම්.බාලා නමැත්තා පවසයි.


2016.10.05 වන දිනට යෙදුන සිය දරුවාගේ පස්වන උපන් දිනය වෙනුවෙන් ත්‍යාගයක් රැගෙන දීමට යද්දී ප්‍රසිද්ධ වෙළෙද සැලකින් මෙම ලොලි පොප් එක මිලදි ගත් බව පවසන ඔහු පසුව දිස්වු වෙනස පරික්ෂා කිරිමේදි යකඩ ඇණයක කොටසක් මතුවෙමින් තිබු බව පවසයි.

මෙම ටොෆිය මුව තුල රුවාගෙන උරමින් සිටියදි යම් විදියකින් එම යකඩ ඇණයේ කොටස දරුවාට ගිලුනානම් හෝ උගුරේ සිරවුනානම් ඇතිවන්නේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.

මේ ගැන අදාළ බලදාරීන්ට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.

හැටන් - චන්දන ජයවීර