පරිසර දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස කෑම ඔතන කොළ (ලන්ච් ෂීට්) හා වෙළෙඳසල්වල භාවිත කරන රිජිෆෝම් පෙට්ටි නිෂ්පාදනය, බෙදාහැරීම හා විකිණීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා නීති සකස් කර ඇති බවත්, ඒ සඳහා ජනපති

අනුමැතිය ලැබී ඇති බවත්, මධ්‍යම පරිසර අධිකාරියේ


දකුණු පළාත් අධ්‍යක්‍ෂ එච්.එස්. ප්‍රේමචන්ද්‍ර මහතා පැවැසීය. පසුගිය 30 දින ගාල්ල දිස්ත්‍රික් පරිසර කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති අවස්ථාවේදී අදහස් දැක්වූ ඒ මහතා,
දැන් අපි ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබෙනවා යැයි කීය. පරිසරයට අහිතකර මෙවැනි නිෂ්පාදන නැති වුණොත් ව්‍යාපාරිකයෝ විකල්ප හොයා ගනීවි. ඉන්දියාවේ පාවිච්චි කරනවා ගස්වල කොළවලින් නිෂ්පාදනය කළ පරිසර
හිතකාමී බඳුනක්. සති දෙකෙන් දිරනවා. අපේ රටෙත් මේ වගේ පරිසර හිතකාමී දේවල් තියෙනවා. ඒත් ඒ ගැන හිතන්නේවත් නැහැ. මයිකේ‍රාන 20ට වඩා ඝනකම අඩු පොලිතින් තහනම් කර ඇති නිසා නිෂ්පාදනය කරන හා විකුණන ස්ථාන
සොයා වැටලීම් සිදුකරනවා.

ඉමදුව - ටී. විතානවසම්