පසුගියදා විදුහල්පතිගේ අපචාර ක්‍රියාවන් හෙළිදරව් කිරීමට නිර්භීතවූ  කොළඹ මහානාම විද්‍යාලයයේ ගුරුවරියක වන සමන්ති මනෝහාරි පෙලකැටිය එම විදුහල්පතිවරයාගේ මර්දනයට ලක්වෙමින් සේවයෙන් නෙරපන්නට මුල්කරගත් නීතිමය කාරණාව වූයේ ඇය
සිරස විමර්ශන වැඩසටහනකට ලබාදුන් ප්‍රකාශයකි.
එය කෙතරම් සාධාරණද යන්න ගැන දැන් කථාබහක් මතුව තිබේ.
මාධ්‍යයට තොරතුරු ලබා දුන් බව කියමින් ආයතන සංග්‍රහය අනුව වැඩ තහනම් කිරීම සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා දුන් තීන්දුව ගැන සහ තොරතුරු දැන ගැනීමේ පනත ගැන ද සලකා බැලීමට

කමිටුවක් පත් කරන බව රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා  ඇමැතිවරයා කියා සිටී.
ජනමාධ්‍යයට තොරතුරු ලබා දීම  සීමා කරමින් ආයතන සංග්‍රහයේ ඇති වගන්ති සංශෝධනය කිරීම ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ඔහු පවසයි.
මූලික අයිතිවාසිකම් සීමා කරන ආයතන සංග්‍රහයේ වගන්ති ඉවත් කරන ලෙස ලංකා ගුරු සංගමය පසුගිය සතියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලිඛිත ඉල්ලීමක් කර ඇත. මේ වනවිට තොරතුරු දැන ගැනීමේ පනත ද සම්මත වී ඇති නිසා ඇතැම් නීති රෙගුලාසි වෙනස් විය යුතු බව ඇමැතිවරයා කියා ඇත.

සිය නිර්භීත ක්‍රියාවලිය විස්තර කරමින් ගුරුවරිය පුවත්පතකට සපයා තිබුණ අදහස් සහිත පෙර ලිපිය මෙතැනින්