මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය පිහිටුවීමට යන නව දේශපාලන


සන්ධානයට නම් යෝජනා කරමින්

විවිධ අයට නම් එවන්නට කළ ඇරයුම අනුව විද්‍යුත් තැපැල් (ඊමේල්) 4,622ක් සහ ලිපි 7,000ක් ලැබී ඇතැයි එම පක්ෂය දන්වා සිටී.
අට දෙනකුගෙන් යුත් කමිටුවක් මඟින් සුදුසු නම් තෝරා මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි සතිය තුළ භාර දෙන බව පවසන එම පක්ෂය ඒ අනුව සුදුසු නම තීරණය කරන බවද දන්වා ඇත.
15වැනිදා නව දේශපාලන සන්ධානයේ නම තීන්දු කරන බවත් නව දේශපාලන සන්ධානයේ පක්ෂ ව්‍යවස්ථාව සහ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට ජනාධිපති නීතිඥයන් තිදෙනකුගෙන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙදෙනකුගෙන් හා බහුජන සංවිධාන නියෝජිතයන් දෙදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කොට තිබෙන බවත් වාර්තාවේ.