පෙරේදා (16දා) සවස ලුණුගම්වෙහෙර උත්සවයකට එක්වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මෙසේ ප්‍රකාශ කර සිටියේය.
‘මේ ආණ්ඩුවට එෆ්.සී.අයි.ඩී.
එකට, සී.අයි.ඩී. එකට අල්ලස් කොමසාරිස් ජනරාල්වරියට රටේ ජනාධිපතිතුමා මහත් චෝදනාවක් කරනවා විතරක් නෙවෙයි එතුමා කියනවා මම කාටවත් බය නෑ කියලා. මම දන්නෙ නෑ රටේ විධායක ජනාධිපතිවරයා බය කරන්න කවුරුවත් හැදුවද කියලා. අපි හිතනවා මේ කියන්න ඇත්තෙ අගමැතිතුමාට වෙන්න ඇති. එතුමා මේ ගැන කතා කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. මම නම් පුදුම වුණා මේවා නොදන්නවයි කියලා.රටේ විධායක ජනාධිපතිවරයා ශක්තිමත්ව ඉන්නකොට තමයි රටකට වැඩක් කරන්න පුළුවන් වෙන්නෙ. හැබැයි මේ අවුරුදු 02 තුළ මේ සියලු දෙනා කළේ පළිගැනීම.
අද ඕනෑම රූපවාහිනි නාළිකාවක් අපිට බනින ඒවා නම් දානවා. මොකද අද මාධ්‍යයට වාරණයක් නෑ කියලා කිව්වට වාරණය හොඳටම දාලා තියෙන්නේ මේ යුගයේ තමයි. ‘
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි