ජනපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ සවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ‘සත්විරු සංහිඳ‘ නිවාස හා ඉඩම් හිමිකම් ප්‍රදානෝත්සවය අමතමින් සිදු කළ ඇතැම් ප්‍රකාශයන් දේශපාලන ලෝකයේ ආන්දෝලනයට තුඩුදී තිබේ.
සෘජුව අගමැති රනිල් ඉලක්ක කර ප්‍රකාශයක් නොකළද එම ඇතැම් ප්‍රකාශ අගමැතිවරයා
මූලික කරගත් පාලන තන්ත්‍රයට එල්ල කළ විවේචන බවට අදහස් පළවී තිබේ.
ඔහු එහිදී පළ කළ අදහස් කිහිපයක් මෙසේය.


  • CID,FCID හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන්නේ නම් තමන්ටත් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට සිදු වන බව
  • බුද්ධි අංශ නිලධාරියෙකු නිකරුණේ ප්‍රශ්න විභාග නොකර දිගුකල් රදවා සිටී.ආරක්ෂක අංශ දුර්වල කිරීමට සහ රණවිරුවන් අපකීර්තියට පත්වනදේ නොකළ යුතුය.
  • පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු අධිකරණයට ගෙනයාමේ ක්‍රමවේදයට එකඟ විය නොහැකිය.
  • ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ඇවන්ගාඩ් ආයතනය පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් ඒවා විභාග කළ යුතු ආකාරය හා ගත යුතු ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ පිළිබඳ වෙනම පිළිවෙළක්‌ තිබෙයි.


  • හිටපු නාවික හමුදාපතිවරුන් සහ ආරක්‍ෂක ලේකම්වරයා උසාවියට ගෙන්වා ඇත්තේ ‌ මාගේ අනුදැනුම හෝ බලපෑම් මත නොවේ.
  • කාවවත් හිරේ දැමීමට හෝ රිමාන්ඩ් කිරීමට මා හට කිසිදු වුවමනාවක්‌ නැත.
  • හිටපු ආරක්‍ෂක ලේකම්වරයා, හිටපු නාවික හමුදාපතිවරුන් වැනි ආරක්‍ෂක අංශ ප්‍රබලයින් උසාවියට කැඳවන්නේ නම් ආරක්‍ෂක ඇමැති සහ ජනාධිපතිවරයා ලෙස තමන් දැනුවත් කළ යුතුව තිබූ බව
  • ස්‌වාධීන කොමිෂන් සභා ලේකම්වරුන් අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් මීට වඩා වගකීමෙන් සහ බුද්ධියෙන් යුතුව කටයුතු කළ යුතු බව
  • නීතිය සැමට සාධාරණ සහ අපක්‍ෂපාතී විය යුතු බව
  • ස්වාධීන කොමිෂන් සභා දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු නොකළ යුතුය.
  • උසාවියට ටෙලිෆෝන් කෝල් දෙන්නවත්, ස්‌වාධීන කොමිෂන් සභාවලට ඇඟිලි ගහන්න වත්, විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරන්නවත්, නීතිපතිවරයා ලවා බරපතළ අපරාධකරුවන් උසාවියෙන් නිදහස්‌ කර ගන්නවත් තමා ජනපති නොවූ බව