ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ  Melbourne, Bendigo, Shepparton, Ballarat, Seymour, Maryborough, Wodonga, Wangaratta හා Geelong  ඇතුළු ස්ථාන මූලිකව චණ්ඩ මාරුතයක් හමා යන බව එරට කාලගුණ අනතුරු ඇඟවීම් ඉරිදා රාත්‍රියේ නිකුත් කර තිබේ. පැයට  කිලෝමීටර 111 දක්වා සුළං වේගය වැඩිවිය හැකි බවද වාර්තාවේ.

අධික වර්ෂාපතනය හා ගංවතුර තත්ව ඇති ව තිබෙන අතර මෙම තත්වය නැගෙනහිර දෙසට පැතිරෙන බවද අනතුරු අඟවා තිබේ.

කෙසේ වෙතත් මුලින් මෙම තත්වය අපේක්ෂා කළ Mallee හා Wimmera දිස්ත්‍රික්ක සඳහා පළ කළ අයහපත් කාලගුණ අනතුරු ඇඟවීම කාර්යාංශය මගින් අවලංගු කරන ලදී.
මෙල්බර්න් ගුවන් තොටුපළ අවට පැයට කි.මී 93 ක සුළගක් හමන නිසා ඇතැම් යානා ගමනාගමනය පමා කර ඇත.  ගස් කඩා වැටීම හේතුවෙන්  දුම්රිය නවතා දැමීම්ද සිදුව ඇත.
මේ හේතුවෙන් අමතර බස් ධාවනයේ යොදා ඇත.විවිධ උදව් ඉල්ලා ඇමතුම් 400 කට වඩා ඊයේ ආපදා මධ්‍යස්ථාන වෙත වාර්තාවී ඇතැයිද ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ගංවතුර තත්වය දකුණු ඕස්ට්‍රේලියාවේ වසර 25 කට පසු ඇතිවූ දරුණුම ගංවතුර ලෙසද මාධ්‍ය වාර්තා පළව තිබේ.