හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නිමල් ලෙව්කේ මහතා ජනාධිපති ආරක්ෂක උපදේශකෙකු වශයෙන් පත්කොට තිබේ.
වසර 38ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගිය ලෙව්කේ මහතා 1972 උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයට බැඳී
වසර 16ක කාලයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු

ලෙස සේවය කරමින් එහි නියෝජ්‍ය

පොලිස්පති සහ අණදෙන නිලධාරි තනතුර දක්වා උසස්වීම් ලැබීය. 2009 වසරේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලැබ උතුර ප්‍රදේශය භාරව ගිය ඒ මහතා පොලිස් සේවාවේ කීර්තිමත් දක්ෂ නිලධාරියකු ලෙස නමක්

දිනාගෙන සිටියේය.
ජනාධිපති ආරක්ෂක උපදේශකවරයා වශයෙන් පෙරේදා (5දා) පත්වීම් ලිපිය භාරගත් නිමල් ලෙව්කේ මහතා ප්‍රභූ ආරක්ෂක කටයුතු මෙහෙයවීමේ විශේෂඥ පොලිස් නිලධාරියකු මෙන්ම ත්‍රස්තවාදී මර්දනය සහ පුපුරන ද්‍රව්‍ය පිළිබඳ ඇමෙරිකා  එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලය යන රටවල විශේෂ පුහුණුවීම් ලැබූවෙකි.