නුගේගොඩ හයිලෙවල් මංසන්ධියේ සහ දෙහිවල නගරය මැද පිහිටුවා තිබෙන ගුවන් පාලම් දවසේ වාහන තදබදය අධික වේලාවල් අනුව එක් පැත්තකින් පමණක් වාහන ගමන් කරන (වන්වේ) මාර්ග ලෙස
පවත්වාගෙන යාමට පොලිස් රථවාහන අංශ තීරණය කර තිබේ.
අනෙක් වේලාවල් වල දෙපසටම ගමනාගමනයට ඉඩ තිබේ.
මේ සම්බන්ධ තීරණය නොබෝ දිනකින්ම ස්ථිර කරනු ඇති අතර ඊට පෙර පෙරහුරුවක් වශයෙන් ඔක්තෝබර් 25, 26,27 සහ 28 යන දිනයන්හිදි ඉහත ආකාරයට තනි අතට ධාවනය කිරීම් සිදුවන බවත් ඒ සඳහා අවශ්‍ය සහාය දෙන ලෙසත් රථවාහන පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.