ජනතාවට වඩාත් හොඳ සේවයක් ලබාදීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන්

ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව පොලිස්පතිවරයා පවසයි.

මහියංගනය, රීදිමාලියැද්ද ප්‍රදේශයේ නව පොලිස් ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේය.