විනාශවූ එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පෝස්ටර් 33ක් සහ ටී බෑග් තොගයක් ළඟ තබා ගෙන සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජර්මන් ජාතික කාන්තාවක් වහාම මෙරටින් පිටුවහල් කරන ලෙස
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්

අරුණි ආටිගල මහත්මිය ඊයේ (13දා) නියෝග කළාය.

ජර්මන් ජාතික මලර්වීලී ඊශ්වරාජා නමැති කාන්තාවක් එසේ මෙරටින් පිටුහල් කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියම කළාය. සැකකාරිය මෙරටට පැමිණ චුන්නාකම්හි පිහිටි හෝටලයක නැවතී සිටි අතර චුන්නාකම් පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන් අනතුරුව ජර්මන් ජාතික සැකකාර කාන්තාව චුනාන්කම් පොලිසියේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙත භාර කර තිබිණි. ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් සැකකාර ජර්මන් ජාතික කාන්තාව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.