රෝගී තත්ත්වයන් හේතුවෙන් බන්ධනාගාරයෙන් පිටත රෝහල්වලට ඇතුළත් කරන සියලු සිරකරුවන්ගේ හා
සැකකරුවන්ගේ පාදවලට විලංගු දැමීමට පියවර ගෙන ඇති බවත් වෛද්‍ය නිර්දේශවලින් තොරව එම විලංගු ඉවත් කිරීමට පියවර නොගන්නා බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.


රෝහල් ගත කෙරෙන සැකකරුවන් හා සිරකරුවන් බොහෝ පිරිසක් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී පැනයෑම හේතුකොටගෙන මේ පියවර ගෙන තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ මේ නව වැඩපිළිවෙළ නිසා රෝහල් ගත කර සිටින සිරකරුවන්ගේ හා සැකකරුවන්ගේ පැන යෑම ඉතා පහළ මට්ටමකට බැස ඇති බවත් එසේ

විලංගු නොදැමීම නිසා ඉකුත් වසරේ (2015) එවැනි පුද්ගලයන් 154 දෙනකු පැනගොස් ඇති බව සංඛ්‍යාලේඛනවල සඳහන් වන බවත්ය.

කුමුදු උපුල් ශාන්ත