ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (12දා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති 'සත්විරු සංහිඳ'
උත්සවයේදී කළ ප්‍රකාශය මේ වනවිට දේශපාලන ලොකය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ. මේ සම්බන්ධව තම මතය ප්‍රකාශ කිරීම සඳහා වන විශේෂ මාධ්‍ය හමුවක් පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින්  අද (14දා) කැඳවා තිබේ.

එය අද දහවල් 11ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වීමටද නියමිතය.
මෙම ප්‍රකාශයේදී නීතිය සම්බන්ධ ආයතන දේශපාලන න්‍යාය පත්‍රයකට කටයුතු කරන බවත් තමන් දැනුවත නොකර රණවිරුවන් අපහසුතාවයට පත්කරන්නට ස්වාධීන යයි කායාගන්නා කොමිෂන් සභා ක්‍රියාකර ඇති බවත් දක්වමින් ජනපති කෝපයෙන් කථා කළේය.