අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතකුරු දුන් ඇමති දොස්තර රාජිත සේනාරත්න පසුගියදා නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය කළ චෝදනාවකට පිළිතුරු දුන්නා.

දුමින්ද සිල්වා නිදහස් කළ විනිසුරුගේ දුරකතනය ටැප් කිරීම

සම්බන්ධයෙන් හේමන්ත වර්ණකුලසූරිය මහතා ආණ්ඩුවට විශාල චෝදනාවක් එල්ල කරනවා නේද යනුවෙන්  විමසා සිටි විට ඔහු මෙසේ කීවේය,

‘අපි දන්න විදියට එහෙම කිසිම දෙයක් ජනවාරි අටෙන් පස්සෙ වුණේ නෑ. මෙයා එයාගෙ නඩුව පැරදුණාම කරන ප්‍රකාශයක් ඒක. පසුගිය කාලෙ නම් ඒවා වුණා. ඒකත් දැන් වෙන්නෙ නෑ. එයා කොහොමද දන්නෙ එහෙම කළා කියලා. එහෙම වුණා නම් ඒ විනිසුරු පැමිණිලි කළ යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරද්දී කටේ පිට්ටු වගේ හිටපු අය දැන් බොරුවට වීරයෝ වෙන්න හදනවා.‘