රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිය පාර්ලිමේන්තු නිලනිවස අලුත්වැඩියා කිරීමට කටයුතු කරන බවට
පසුගියදා කාතානායක කරු ජයසූරියට තොරතුරු ලැබි තිබුණි.


ඒ ගැන විමසීමට ඔහු රංජන්ට දුරකථන ඇමතුමක් ගත්තේය.
“රංජන් ගෙදර රෙපෙයාර් කරන්න යනවාලු නේද?” කරු ඇසුවේය
“ඔව් සර්. ඉන්න තැන ලස්සනට තියාගන්න ඕනනේ. හැබැයි පාර්ලිමේන්තුවෙන් සතයක්වත් එපා. මම මගේ පෞද්ගලික වියදමින් ඕක කරන්නම්” රංජන් පිළිතුරු දුන්නේය.
“මොකද රංජන් මනමාලියක්වත් කැන්දන් එන්නද හදන්නේ” කරු ඇසුවේ විහිළුවෙනි.
“මනමාලියක් ගෙනැල්ලා, දරු පවුලක් හදාගන්න පුළුවන්. ඒත් ළමයි ඉස්කෝ‍ලේ දාන්න තියෙන කරදරේ දැක්කම ළමයි හදන්නේ කොහොමද?” රංජන් පෙරළා ඇසුවේය.
“කරදරයක් වෙන්න දෙයක් නැහැ. එහෙම වුණොත් අපි උදව් කරන්නම්” කරු කීවේ පාර්ලිමේන්තුවේදී කටයුතු කළයුතු ආකාරය ගැන ඔහුට උපදෙස් දෙමිනි.

තිලකජය