පැණි බීම සඳහා හඳුන්වා දුන් වර්ණ සංකේත ක්‍රමය කේක්, ‍ෙදා‍ෙදාල්, බූන්දි, බිස්කට් වර්ග ඇතුළු සියලුම
රසකැවිලිවලටත් හඳුන්වා දීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න සිය අවධානය යොමු කරයි.
මේ සඳහා අවශ්‍ය නීති රීති ඉදිරියේදී ගැසට් මඟින් ප්‍රකාශ කරන බව පැවැසූ

ඇමැතිවරයා ඒ පිළිබඳ කිසියම් හෝ ගැටලුවක් තිබේ නම් ආහාර උපදේශක සභාවේදී සාකච්ඡා කරන ලෙසත් ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා පැවැසීය.
බෝ නොවන රෝග පාලනය කිරීමේ අරමුණින් මේ පියවර ගත්තේ යැයිද පැවැසූ ඇමැතිවරයා ගොවි ජනතාවද - දියවැඩියා රෝගයට ගොදුරු වී ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
පැණි බීම සඳහා ඉකුත් අගෝස්තු 1 වැනිදා වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දී පැණි බීම බෝතල්වල වර්ණ සංකේත සඳහන් කිරීම ගැසට් පත්‍රයක් මඟින් අනිවාර්ය කර තිබේ.

දයා පෙරේරා