මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සහ ට්විටර් ගිණුමක් පවත්වාගෙන
යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Ravi Karunanayake Lanka Intelligence සහ Ravi Karunanayake@RavikOfficial යන නම්වලින් තමාගේ නිල ෆේස්බුක් හා ටිව්ටර් ගිණුම් කියාගනිමින් මේවා පවත්වාගෙන ගොස් ඇති බව ඔහු දන්වා ඇත. තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැතිව ඒවායෙහි ජාතික ආණ්ඩුවට සංහිඳියාවට අහිතකර පුවත් පළ කර ඇති බවකියන ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇති අතර ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙතද දන්වා ඇත.