මිහිමත ඇති බලවත්ම තැන රුවන්වැලි මහ සෑයයි
ගිහින් කීවොත් දෙයක් හරි යනවාමයි
-කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

මෙම පෘථිවියේ පිහිටි බලවත්ම ස්ථානය දෙවියන් බඹුන් පවා තවම වඩින අනුරාධපුරයේ රුවන්වැලි මහ සෑය බව පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සතිඅන්ත පුවත්පතකින් විස්තර කර තිබේ.
උන් වහන්සේ එහි අසිරිමත් බලය ගැන මෙසේ කියා ඇත.
 "හාමුදුරුවනේ, මගේ ස්‌වාමියා මාව දාලා ගියා. මට කරගන්න දෙයක්‌ තිබ්බේ නැහැ. . මම ගිහිල්ලා රුවන්වැලි මහා සෑයට මගේ දුක
කිව්වා". අම්ම කෙනෙක් දවසක් මට එහෙම කිව්වා. අම්මා ගෙදර ආවාට පස්‌සේ ස්‌වාමියා ගෙදර ඇවිල්ලා ඉන්නවා..“
ගහෙන් අතට කඩපු පොල් ගෙඩියක්‌ අරගෙන ගිහිල්ලා, චෛත්‍යය වන්දනා කරන්න ඕනේ. මහ සෑයේ සතර මල් ආසනවලටම මල් පූජා කරලා පන්සිල් අරගෙන, සෑය වටේ තුන් වටයක්‌වත් තුන් සූත්‍රය කියලා පැදකුණු කරන්න ඕනේ. ඊට පස්‌සේ අටානාටිය පිරිත ඇතුළු පිරිත් කියලා, තමන්ගේ ප්‍රශ්නය කියලා එයට විසඳුමක්‌, සහනයක්‌ ඉල්ලලා අර පොල්ගෙඩිය මහා සෑ වහන්සේට පූජා කරලා තමන්ගේ ජීවිතය මහා සෑයට පූජා කරන්න ඕනේ
මේක ස්‌වේදගොන් බෞද්ධ විහාරයට බුරුමයේ බෞද්ධයෝ කරනවා මම දැකලා තියෙනවා.


එතැන තමයි සම්බුදු බලය පිහිටා තියෙන්නේ. ද්‍රෝණයක්‌ පමණ ශාරීරික සම්බුද්ධ ධාතුන් වහන්සේලා එතැන තමයි වැඩ ඉන්නේ. දස දහසක්‌ සක්‌වල වලින් නිතර නිතර දෙවියන් බඹුන්, මාර්ග ඵලලාභීන් ස්‌වර්ණමාලි මහා සෑය වන්දනා කරන්න තාමත් එනවා. මේ පෘථිවිය මත තිබෙන පූජනීයම ස්‌ථානය එයයි. තිසරණය අවංකව අදහාගෙන මෙතැනට ගිහිල්ලා, කවුරු හරි යමක්‌ කියනවානම්, මෙයා අවංක ද කියලා දෙවියෝ බලනවා. ඒ දේව බැල්මකින් බන්ධන, කොඩිවිණ කැපෙනවා. තමන්ගේ ජීවිතයේ ගැටලුවලට සහන ලැබෙනවා. ශාන්තිය උදාවෙනවා.

ආර්ය සහ පෘථග්ජන බේදය මිනිස්‌සු දන්නේ නැහැ. ආර්ය දෙවිවරු තමයි රුවන්වැලි සෑ බිමට වඩින්නේ. අනික්‌ දෙවිවරු යම් ඉහළක සිට දේවල් දකිනවා ඇති. ඒත් ආර්ය දෙවිවරුන්ගේ ආශීර්වාදය තමයි බලවත්. ඒ බලවත් දේවාශිර්වාදය අපට පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් රුවන්වැලි මහා සෑයෙන් තමයි. හැබැයි ඒ පිහිට ලබා ගන්න එයා යන්න ඕනේ කඩෙන් බඩු ගන්නවා වගේ නෙමෙයි. එයාට තිසරණ පන්සිල් සහිත ප්‍රතිපත්තියක්‌ තියෙන්න ඕනේ. ඒ සමඟ එයාට පෙර ආත්මයේ පුණ්‍ය ශක්‌තිය තිබුණොත් වහා ප්‍රතිපල ලැබෙනවා. කර්ම විපාක හැටියට යමක්‌ තිබෙනවා නම්, එය විඳින්න ඕනේ. ඒකට තිබෙන සහනය තමයි ඉවසීම.
 ඔය එක එක දේවල් පස්‌සේ දුවන්නේ නැතුව, තිසරණය මත පිහිටා රුවන්වැලි සෑය වැඳීමෙන් මේ ජාතියට දියුණු වෙන්න පුළුවන්. මේ ජාතිය වෙන දෙයක්‌ නොකර රුවන්වැලි මහා සෑය වැඳ වැඳ හිටියොත් ඒකම ඇති මේ ජාතියට නැඟීසිටින්න කියලා, මම කියන්නේ ඒ ප්‍රබලභාවය දන්න නිසා.