මේ දිනවල වාද විවාදයට බඳුන්ව තිබෙන මාලඹේ 'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පවතින නඩු විභාගය මගින් ඔවුන්ට වාසිදායි ලෙස එම ප්‍රශ්නය විසඳුනහොත් ඉදිරියට එම අවසරය මත තවත් පුද්ගලික
වෛද්‍ය විද්‍යාල කිහිපයක්ම ලංකාවේ

පිහිටුවන්නට පවතින සූදානමක් ගැන වාර්තාවේ.
ඉන්දියාවේ 'මනිපාල්' වෛද්‍ය විද්‍යාලයද මේ අතර සිටින බව  උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  ප්‍රකාශ කෙළේය.

වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි වීමේ අයිතිය ඉල්ලා සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යාවක් ගොනුකර තිබෙන නඩුවේදී එම සිසුන්ට සාධාරණයක් ඉටුවේය කියා තමන් අපේක්ෂා කරන බවද කිරිඇල්ල අමාත්‍යවරයා පවසා ඇත.

රජයේ නියාමනය යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට කටයුතු කරන බවත් එමඟින් ඉහළ අන්දමින් සමත් වී සරසවි වරම් නොලබන විශාල දරුවන් පිරිසකට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට හැකි බවත් විදෙස් රටවලට යන විශාල මුදලක් රටට ඉතිරි වන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.
2015 වසරේදී පමණක් විදේශ රටවල අධ්‍යාපන ආයතන සඳහා රුපියල් මිලියන 9,000ක් වැයකර තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.