පසුගියදා ප්‍රවීණ ලේඛක සමන් අතාවුදහෙට්ටිගේ 'සමන් කියයි' කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මෙසේ කියා සිටියේය.
‘අද අපේ සමාජය සංගීතයට සංවේදී නැහැ. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඇසෙන දකින ගීත තුළින් පිළිබිඹු වන්නේ ඒ යථාර්ථයයි. ගායකයන්ගෙත්, වාදකයන්ගේත් ස්වර මාධුර්යය ස්වර වන්නේ කෙසේ වෙතත් නිසි ස්වර ස්ථානයන්ගෙ පිහිටා
ගායනා කරන්නවත් බෑ. වාදනය කරන්නවත් බෑ. අල්ලපු රටේ ඉන්දියාවේ මෙහෙම වුණා නම් රේඩියෝ හා ටී.වී. ස්ටේෂන්වලට ගහන්නේ ගල්. අවාසනාවකට අපි කන් ඇහෙන්නේ නැති ජාතියක් බවට පත් වෙමින් යනවා.
මං අදත් කල්පනා කරන්නේ වර්තමානයේ කඩේ යන බල්ලෝ ගැනයි. එක කාලයක බල්ලෝ කඩේ ගිහින් මස් වගේම මස් කටුත් ඇති පදම් කෑවා. පස්සේ කාලෙක මං දැක්කා බල්ලෝ ජාතියක් උන් කඩේ ගියාට මස් කන්නෙත් නෑ කටු කන්නෙත් නෑ. උන්ගේ වැඩේම බුරන එකයි. උන් බිරුවට මුකුත් වුණෙත් නෑ. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැති වග මේ බල්ලෝ දැනගෙන නෑ. ඒ වුණාට මුන් කඩේ යන එක දිගටම කරනවා. අන්තිමට මුන්ට පිස්සු හැදුණා. උන් බිරිල්ල නතර කරල හපන්න ගත්තා. අන්තිමට සිද්ධ වුණා මොනවහරි කරන්න.
ඉන්දියාවෙන් ඇම්බියුලන්ස් ලැබිල තිබුණේ හොඳ වෙලාවට. ඒවා සුදු වෑන් කියල කාටවත් කියන්න බැරි වුණේ ඉස්පිරිතාලේ කුරුසේ ලොකුවට තිබුණ නිසා. ‘
තොරතුරු - පහන් විජේසේකර