තහනමට ලක්වූ ‘උසාවිය නිහඬයි‘ චිත‍්‍රපටයට
මුල් වුණ ස්ත‍්‍රී දූෂණ කතාව මොකක්ද?
පසුගියදා අධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් නිකුත්ව ප‍්‍රදර්ශනය තහනම් කෙරුණ ප‍්‍රසන්න විතානගේගේ අධ්‍යක්ෂණයෙන් යුතුවූ ‘උසාවිය නිහඬයි’ චිත‍්‍රපටයට පසුබිම් වූ කතාව ඇත්තක්ද? එය කුමක්ද? යන්න ගැන මේ වනවිට කුතුහලයක් පැන නැගී තිබෙනවා.
මෙම කතාව ගැන කිසිවක් දැන නොසිටි අයට එය තමන්ගේ නම ඈඳුණ එකක් බවට හෙළි කරමින් උසාවියේ වාරණය ලබා ගත්තේ හිටපු මහේස්ත‍්‍රාත්වරයෙකි.
ඔහු පවසන්නේ එම කතාවේ සත්‍යයක් නොමැති බවයි.එය ප‍්‍රචාරයවීමෙන් තමන්ගේ කීර්ති නමට හානි විය හැකි බව ඔහුගේ අදහසයි.
මෙම සිද්ධියට මුල්වන්නේ 1999 වසරේ
රාවය පුවත්පතේ පළවූ ලිපි තුනකි.
එසේම මෙම පුද්ගලයා රක්ෂණ සමාගමක කටයුතු කරමින් සිටියදී සිදුකළ මුදල් අවභාවිතා කිරීම් ගැනද රාවය පුවත්පත මගින් අවසන් ලිපියේදී අනාවරණය කර තිබුණි.
අධිකරණයේ ප‍්‍රබල තනතුරක් දරන පුද්ගලයෙකු සම්බන්ධ දිගටම එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක්ද මේ නිසා ඇරඹුණ නමුත් ඒවා එකී පුද්ගලයා සතු බලයෙන් අකාමාකා දමා යටපත් කළ බවත් ජීවිත විනාශවූ එම කාන්තාවන්ට තවම සහනයක් ලැබී නැති බවත් එම පුවත්පත ප‍්‍රකාශ කර තිබේ.
1999 වසරේදී ගම්පොළ රෙස්ට් හවුස් නමැති ස්ථානයකදී මෙම එක් කාන්තාවක දූෂණය කර ඇත්තේ හිසට පිස්තෝලයක් තබා බියකර බවද එම කාන්තාව පසුදින රෝහල් ගතවූ අවස්ථාවේ එම සලකණු සාක්ෂි ලෙස ඉදිරිපත්වූ බවද රාවයේ එක් ලිපියක දැක්වේ.
එසේම තමන්ගේ සහායක ගෝලබාල නීතීඥයින් පිරිසක් ඉදිරියේදීම කාන්තාවක රැගෙන ගොස් ඔවුන් දෙදෙනෙකු කාමරයේ මුරට තබා සිදු කළ දූෂණයක් ගැනද රාවය හෙළිදරව් කර තිබේ.
ප‍්‍රසන්න විතානගේගේ ‘උසාවිය නිහඬයි‘ කතාවේදී විනිශ්චයකාරවරයෙකු තමන් ඉදිරියේ විභාග වන නඩුවක සැකකරුවකුගේ භාර්යාව දූෂණය කිරීමේ සිද්ධියක් එළිදැක්වේ. තමන් මුහුණ දුන් අත්දැකීම් භාර්යාව සහ ස්වාමිපුරුෂයා යන දෙදෙනාගේම කෝණ හරහා විත‍්‍රපටය තුළින් පේ‍්‍රක්ෂකයාට විස්තර කෙරේ. දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ස්ත‍්‍රී දූෂණය නම් වරදට මහාධිකරණයේ අධිචෝදනාවක් ගොනු කොට අවුරුදු විස්සක් දක්වා සිර දඬුවමකින් දඬුවම් කළ හැකි වරදකට චෝදනා ලැබිය යුතුව තිබූ පුද්ගලයෙකු අග‍්‍රවිනිශ්චයකාරවරයාගේ බලමහිමයෙන් නීතියෙන් බේරී නිදහස් පුරවැසියෙකු ලෙස ජීවත් වන අකාරයද එහිදී හෙළි කෙරේ.