ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතාන‍ගේ විසින් අධ්‍යක්ෂණය කළ"උසාවිය නිහඬයි"චිත්‍රපටය හෙට 6 සිට ප්‍රදර්ශනය කරන්නට සූදානමින් සිටි මුත් එය ප්‍රදර්ශනය අත්හිටුවන ලෙස ගොනු කළ පැමිණිල්ලක් සලකා
බැලූ කොළඹ දිසා විනිසුරු එම්.යූ ගුණවර්ධන එය


විභාග වනතුරු 19 වනදා තෙක් චිත්‍රපටය ප්‍රදර්ශනය නවතන්නට අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙහි පැමිණිලිකාරයා වන්නේ හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකයි. ඔහු කියා සිටින්නේ මෙම චිත්‍රපටය තමා ස්ත්‍රී දූෂණයක් කළ බවටවූ  අසත්‍ය පුවතක් පාදක කරගෙන  තනා ඇති බවකි.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වුවහොත් තමන්ට මෙන්ම මෙරට අධිකරණ පද්ධතියට දැවන්ත අපහාසයක් සිදුවන බැවින් එය ප්‍රදර්ශනය නොකිරීමට අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හා
ස්ථීර තහනම් නියෝගයක් සඳහා නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස පැමිණිලිකාර මහෙස්ත්‍රාත්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු මේ මස 19වන දින දක්වා අදාළ චිත්‍රපටය තිරගතවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.