ලබන වසරේ සිට මෙරට නාගරික පාසල්වල ‘ස්මාට්’ පන්ති 50ක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසයි.

මෙයින් අදහස් කරන්නේ පාසල් පද්ධතිය ‘ඩිජිටල් කරණයට‘ ලක් කිරීමකි. මේ අනුව ඉදිරියේදී මෙරට ප්‍රධාන පාසල්වල පන්ති කාමරවල සියලු ඉගැන්වීම් ඩිජිටල් ලෙස පරිගණක ගත ක්‍රමයකට සිදු වනු ඇති බවත් ඔහු පවසයි.

 අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු විෂය ධාරාවල විභාග ආදිය ද ස්මාට් (සුහුරු) ක්‍රමයට පරිවර්තනය කරන්නටද අපේක්ෂිතය.
 විභාග ඇගැයීම් මෙන් ම ‘ඔන්ලයින්’ විභාග, ප්‍රශ්න පත්‍ර ලබා දෙන ක්‍රමවේදයක් නුදුරු අනාගතයේ ඇති කරන්නට යෝජිතය.
 මෙරට පාසල් 11,000 ක පරිගණක විද්‍යාගාර පහසුකම් තිබෙන බවත් පාසල් වේලාවෙන් පසු එම විද්‍යාගාර ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන ලෙස භාවිත කර, එමඟින් ගම්වල සිටින සාමාන්‍ය ජනතාවට පස්වරු 1.00න් පසු පරිගණක දැනුම ලබා දීම සඳහා භාවිත කිරීමට ද අපේක්ෂා කරන බව ඔහු දක්වයි.