ශ්‍රී ලාංකික කාන්තාව බඩුත් සමග කොටුවේ
ඉතාම විධිමත් ආකාරයට පෙරන යන්ත්‍ර,බැරල්, ප්ලාස්ටික් බෝතල් හා උපකරණ අසුරා කාලයක් තිස්සේ කුවේටයේ ෆයිහා ප්‍රදේශයේ ශ්‍රී ලාංකික කාන්තාවක විසින් පවත්වාගෙන ගිය කසිප්පු ඉස්කාගාරයක් එරට ආරක්ෂක අංශ මගින් කොටු කරගෙන තිබෙනවා.
ඇය හසුවන අවස්ථාවේ මත්පැන් බැරල් 10 ක්, බෝතල් 400 ක්, ආසවනය කරන පොම්ප 13 හා
අමු ද්‍රව්‍ය තොගයක් හමුවූ බව කුවේට් මාධ්‍ය වාර්තා කර තිබේ.
හසුවූ සියලු මත්පැන් රාජසන්තක කළ බවත් කාන්තාව අත්අඩංගුවට පත්වූ බවත් වැටලීම සිදු කළ මේජර් ජෙනරාල් ඉබ්රාහිම් අල් ටරා දන්වා ඇත.
මෙම පුවත මේ වනවිට අරාබිකරයේ බොහෝ මාධ්‍ය තුළ ප්‍රචාරයවී තිබෙන අතර මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින් මේ නිසා අපකීර්තියට ලක්ව ඇත.
එම ස්ථානයේ ලබාගත් ඡායාරූප පහතින්