පෙරේදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මාස එකහමාරක සිර අඩස්සියේ පැයක් දෙකක් ගතවන්නට පෙරම හදිසියේ රෝගීවී තිබේ.

ඔහු අධික රුධිර පීඩනයෙන් පෙළීම

හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව ආරංචිවේ.
 පෙරේදා (19දා) පස්වරු 3.00ට පමණ වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබූ අත්තනායක මහතා එම අවස්ථාවේදීම රෝහල්ගත කර ඇති බවද ඔහු අධික රුධිර පීඩනයෙන් පෙළෙන බවට එම රෝහලේ වෛද්‍යවරයා ලබාදුන් නිර්දේශයක් මත ඔහු එසේ රෝහල් ගත කර ඇති බවද කියැවුණි.
ඒ අනුව මේ වනවිට දුමින්ද සිල්වා, සරත් වීරවංශ ඇතුලු පිරිස් සමග තිස්ස අත්තනායකත් රෝහලට සැපත්ව සිටී.
 බන්ධනාගාර ගත කෙරෙන සෑම සිරකරුවකුම හා සැකකරුවකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කෙරෙන බවත් වෛද්‍ය නිර්දේශ ලැබේ නම් රෝහල් ගතකිරීම සිදු කරන්නට සිදුවන බවත් එම මාධ්‍ය කොමසාරිස් වරයා දැනුම් දී ඇත.