රගර් ක‍්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණ පරික්ෂණය අතරතුර මුලින් හමුව තිබුණ බවට සටහන්වූ මෘත ශරිරයේ කොටස් අස්ථාන ගත වීම ගැන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර පසුගියදා අධිකරණය හමුවේ දෝෂදර්ශනයටද ලක්විය.

පසුව වෛද්‍ය ආනන්ද සමරසේකර දැනට උපකුලපතිධූරය දරන මාළඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය පීඨය තුළ ඒවා සඟවා ඇති බවට වෛද්‍ය ශිෂ්‍ය සංගම් මගින්

පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

ඒ අනුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් අද ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මේ සම්බන්ධයෙන් මාලඹේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ රසායනාගාරය පරික්ෂා කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අද (03) එහි ගොස් තිබුණා.

එහිදී ශරීර කොටස් 26 ක් සොයාගත් බව රහස් පොලිසිය නිවේදනය කර තිබේ.

කෙසේ වෙතත් මේවා තාජුඞීන්ගේද නැතිනම් වෙනත් අයගේද යන්න තවමත් තහවුරු කර නැත.තාජුඞීන් ඝාතනය වූයේ මීට වසර 4 කට පෙර 2012 මැයි 17 වනදාය.