තමා දැනුවත් නොකර එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගිවීමට ගිය ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමේ සිටි එජාප මන්ත්‍රීවරයෙක් ගැන
සොයා බලන ලෙස පසුගියදා අගමැති


රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබුණි. ඔහු කවුදැයි නම් කර තිබුනේ නැත. වාර්තාවන අන්දමට ඒ වෙනත් කිසිවෙකු නොව ගාල් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිය.
පසුගියදා අරලියගහ මන්දිරයේ  මාධ්‍ය කමිටු රැස්වීම පැවැත්වූ අවස්ථාවේදී මේ නම එළියට ආවේය.
එම මන්ත්‍රීවරයා දන්වා ඇත්තේ තමා අගමැතිවරයාට දැනුම්දුන් බවකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ගයක් සිදු නොවන බව රජයේ අභ්‍යන්තර ආරංචි හෙළි කර තිබේ.