ලෝක ළමා දිනය මත්වතුර දිනයක් බවට පත් කරගෙන සාදයක් පැවැත්වීම සඳහා සිය පාසලේ පහළ පන්තිවල සිසුන්ගෙන් ඉහළ පන්තියක සිසුන් පිරිසක් මුදල් එකතු කළැයි කියන සිද්ධියක්

මාවනැල්ල අධ්‍යාපන කලාපයේ එක්තරා විදුහලකින් වාර්තා වී ඇත.
ළමා දිනය වෙනුවෙන් සිය විදුහලේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ඒ සඳහා එක් සිසුවකුගෙන් රුපියල් 50 බැගින්

එකතු කරන ලෙසට විදුහල්පතිවරයා විසින් උපදෙස් දී ඇති නිසා
ඊළඟ දිනයේ නොවරදවාම එම මුදල් රැගෙන එන ලෙසත් එහි ‍12 වන ශ්‍රේණියේ සිසුන් පිරිසෙ 6 වැනි ශ්‍රේණියේ සිසුන්ට දැනුම් දී තිබේ.
මේ බව පන්තිභාර ගුරුතුමාට දැනගන්නට ලැබුණු වහාම ඒ පිළිබඳ විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසු අදාළ සිසුන් කැඳවා ප්‍රශ්න කිරීමේදී
මෙම ව්‍යාජ අරමුදල රැස්කර ඇත්තේ පන්තියේ මත්පැන් සාදයක් දමන්නට බවට
සිද්ධියේ සුල මුල හෙළිදරව් වී තිබේ. මේ අනුව වහාම එම සිසුන් කැඳවූ විදුහල්පතිවරයා මින් මතු මෙවැනි දේ නොකරන ලෙසටත් මෙවැන්නක් කර
යළි හසුවුවහොත් මවුපියන්ද විදුහලට කැඳවා රතු අකුරෙන් අස්වීම් සහතිකයේ සටහන් තබා පාසලෙන් දොට්ට දමන බවටත් පවසමින් තරයේ අවවාද කොට
මුල් වතාවටත් අවසන් වතාවටත් සමාව දී ඇති බවද පැවැසේ.
මෙම ආධාර එක්රැස් කිරීමට කටයුතු කළ සිසු කල්ලිය මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පිරිසක් බවට වාර්තාවේ.


අරණායක - රත්න හෙම්මාතගම