වාහන වැරදි සඳහා පනවනු  ලබන අවම දඩය මෙවර අයවැය මගින් රුපියල් 2500 දක්‌වා ඉහළ දැමීමට
එරෙහිව ලබන සතියේ දිනෙක දීප ව්‍යාප්ත පෞද්ගලික බස්‌ වැඩ

වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව ලංකා පුද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න පවසයි.
මෙම වැඩ වර්ජනය සඳහා සියලුම බස්‌ සමාගම් මෙන්ම කන්ටේනර් සහ ලොරි වැනි සංගම් ද එක්‌ කර ගන්නා බවත් වැඩ වර්ජනය පවත්වන දිනය සම්බන්ධව ලබන සඳුදා දින (14දා) ප්‍රකාශ කරන බවත් හෙතෙම පැවසීය.
එලෙස දඩ ප්‍රමාණය වැඩි කිරීම පෞද්ගලික බස්‌ කර්මාන්තයට දැඩි බලපෑමක්‌ වන බැවින් මෙම තීරණය ගත් බවද කී ඒ මහතා නව අයවැය මගින් ගනු ලැබු තීරණය දැඩි ලෙස හෙලා දකින බවද වැඩිදුරටත් කියා සිටියේය.