ප්‍රධාන මාර්ග නීති කඩකිරීම් 7කට අදාළ අවම දඩය රුපියල් 25,000ක් කිරීමට තීරණය කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මුදල් ඇමතිවරයා ඊයේ පැවති ප්‍රවෘත්ති
සාකච්ඡාවකදී හෙළි කළා. එම වැරදි 7 පහත පරිදිය.
රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම
රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීමට ඉඩ සැලස්වීම,
බිමත්ව රිය පැදවීම,
අධික වේගයෙන් රිය පැදවීම,

රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම,
වමෙන් ඉස්සර කිරීම,
දුම්රිය ගේට්ටු අසලින් ආරක්ෂාකාරීව රිය නොපැදවීම

මෙම දඩ පනවන්නේ රජයට ආදායම් ලබන්නට නොව මහාමාර්ගයේ ආරක්ෂාවට බව මුදල් ඇමතිවරයා පැහැදිලි කළේය.
පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හා තවත් ප්‍රවාහන සංගම් කිහිපයක නියෝජිතයන් පිරිසක් මෙම තීරණ සඳහා එකඟතාව පළකර ඇත.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.