අධිකරණයේ පෙනී සිටියහ. දරුවන්ට අගතියක් නොවන අයුරින් මරණකරුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය සාකච්ඡා කර අද දින (16දා) අධිකරණයේ පෙනී සිටින ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා අදාළ පාර්ශ්වයන්ට ඊයේ (15දා) නියම කෙළේය.
යක්කල - කිරිඳිවැල මාර්ගයේ කිලෝමීටර් එකේ කණුව අසලදී ඉකුත් 13 වැනිදා
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (14දා) ගම්පහ මහ රෝහලේදී පැවැත්වීමෙන් අනතුරුව මළසිරුර භාර ගැනීමට බිරියන් තිදෙනකු ඉදිරිපත් වීම හේතුවෙන් ගම්පහ පොලිසිය මෙසේ ඊයේ (15දා) අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. මරණකරුගේ මළ සිරුර ගම්පහ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
මරණකරු රඹුක්කන, කොටුවැල්ල ප්‍රදේශයේ කාන්තාවක් 1996 වර්ෂයේදීද, දැරණියගල, මහවතැන්න, උඩගලවත්ත සහ ගම්පහ මල්වතුහිරිපිටිය, අඹගස්පිටිය යන ප්‍රදේශවල කාන්තාවන් දෙදෙනකු 2005 වර්ෂයේදීද නීත්‍යනුකූලව විවාහ කරගෙන ඇති බවත් එක් බිරියකට දරුවන් දෙදෙනා බැගින් බිරියන් තිදෙනාට දරුවන් 6 දෙනකු සිටින බවද එම පවුල් තුනටම හොඳින් සලකා ඇති බවටත් අධිකරණයේදී සඳහන් විය.
අඹගස්පිටියේ පදිංචි දෙවැනි වරට විවාහ වූ කාන්තාව අධිකරණයේදී වූ අවසාන ඉල්ලීම වූයේ වසර 10ක් පවුල් කෑ තම සැමියාගේ මළ සිරුර පැයක කාලයකට හෝ තම නිවෙසේ තබා ගැනීමට අවසර ලබාදෙන ලෙසය. ඒ සම්බන්ධව මහෙස්ත්‍රාත් නියෝගය අද (16දා) ලබාදීමට නියමිතය.
මිනුවන්ගොඩ _ අතුකෝරල /ගම්පහ-කේ. ඒ. සිසර කුමාර/එන්. ජය ශ්‍රී