"අද රුපියල් පන්දහසක බඩු ගත්තත් ෂොපිං බෑග් එකක් පුරවන්න බැහැ"යි විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර රැස්වීමක් අමතමින් පවසා ඇත. ඔහු මෙසේ කියා ඇත.
"මේ අය - වැය සිල්ලර අය - වැයක් නොවේ.

කෙටි කාලයකට මිනිසුන් සතුටු කරන්නක්ද නොවේ. ළඟ නොබලා දුර බලා හැදූ අය - වැයක්. 2020 වන විට මේ අය - වැයේ ප්‍රතිලාභවලින් ජනතාව සතුටු වනු ඇති. පාරිභෝගික භාණ්ඩ ගණනාවක මිල අඩු කළා. ඒ වුණත් ජනතාව අද ජීවත් වෙන්නෙ අමාරුවෙන්. ඒ නිසා තවත් භාණ්ඩ ගණනාවක මිල අඩු කරන්න ඕනෑ. එදා කීවේ රුපියල් දාහකින් ෂොපිං බෑගයක් පිරෙන්න බඩු ගන්න පුළුවන් කියලයි. අද රුපියල් පන්දහසක බඩු ගත්තත් ෂොපිං බෑග් එකක් පුරවාගන්න බැහැ".