ඒකාබද්ධ හිතවතුන් සමග
මහින්ද රාජපක්ෂගේ 
71 වැනි ජන්ම දිනය සැමරූ හැටි


හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතාගේ 71 වැනි ජන්ම දිනය අද (18දා)ට යෙදී තිබේ.
මේ නිමිත්තෙන් අද උදෑසන උපන්දින කේක් කැපීම සිදු කලේ ඒකාබද්ධ විපක්ෂයේ හිතවතුන් හා පවුලේ අය සමග ඔහු එක්වෙමිනි.
අනතුරුව නවීකරණය කරන ලද මහින්ද රාජපක්ෂ වෙබ් අඩවියද
අද එළි දැක්වූ අතර මහින්ද පවුලේ සිතුවමක් පිරිනැමීම. මහින්ද සුබාශිංසන ගීතයක් එළිදැකීම ආදියද උදෑසන සිදු කළා.
අද අලුයම 5.30ට නාරාහේන්පිට අභයාරාමයේදී කිරිඅම්මාවරුන් වෙනුවෙන් දානයක් පැවති අතර අදත් හෙටත් ආගමික වැඩසටහන් කීපයක්ම සංවිධානය කර ඇත.
අද සවස 7.30ට කැලණිය රජමහා විහාරයේදී මල්, පහන්,

ගිලන්පස පූජාවක් පැවැත්වෙයි. එය සංවිධානය කරනු ලබන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ය.
මේ අතර හෙට (19දා) අනුරාධපුරයේදී ආගමික වැඩසටහන් කීපයක්ම පැවැත්වීමට සංවිධානය කර ඇත.
හිටපු ජනපති මහින්දගේ උපන්දිනයට දිනයක් තිබියදී ඊයේ ඔහුගේ අනාගත පක්ෂය වන පොහොට්ටුව ලකුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද සාමාජිකයින් බඳවාගැනීම ඇරඹූ අතර ඒකාබද්ධයේ ජීඑල් පීරිස් හා මහින්දගේ සොයුරු බැසිල් එහි මූලිකත්වය ගෙන පළමු සාමාජිකත්වයද ලබාගත්තේය.
අද පැවති උත්සව අතර වීඩියෝ පහතින්