එක්සත් රාජධානියේ හා උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස අමාරි මන්දිකා විජේවර්ධන මහත්මිය පත්කොට තිබේ. පසුගිය (15දා) ඇය සිය අක්තපත්‍ර බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින වෙත බකිංහැම් මාලිගාවේදී බාරදුන්නාය.



මෙහිදී සාම්ප්‍රදායික ලෙස රාජකීය අශ්ව කරත්තයකින් ඇය මාලිගාව වෙත කැඳවාගෙන එන ලදී. කොහොඹ සබන් ඇතුළු නිස්පාදන රැසක් සිදුකරන ස්වදේශී සමාගමේ  සභාපතිනිය මෙන්ම කළම‍‍‍‍නාකරණ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ අමාරි මන්දිකා වසර 36ට අධික කාලයක් කළමනාකරණයේ හා පරිපාලනයේ අත්දැකීම් ඇති තැනැත්තියකි.
මෙම තනතුරට සංගක්කාර ඇතුළු විවිධ අය මින් පෙර යෝජනාවී තිබුණත් අවසානයේ  අමාරි මන්දිකා තේරී පත්විය.