ඉකුත් පොහෝ දින කළුතර බෝධිය අසල දරු තිදෙනකු සමඟ සිඟමනේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් උදේෂ් රණතුංග
මහතා නීති පොත් වල සටහන්ව ඇති පරිදි රුපියල් විස්සක දඩ මුදලක් නියම කළේය.

අවුරුදු නවය, හය සහ පහ වයස්වල ගැහැනු දරුවන් තිදෙනා භාර

ගැනීමට කිසිවකු නොමැති නිසා පරිවාස අධීක්ෂණය යටතේ ළමා නිවාසයක රඳවා තබන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. බණ්ඩාරගම ප්‍රදේශයේ පාසලක නවය වසරේ ඉගෙනුම ලබන වැඩිමහල් දැරිය නිවාඩු දිනවලදී මව සමඟ සිඟමනේ යෙදෙන බව ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගැනීම පිළිබඳ ආරංචි වී දරුවන්ගේ පියා පොලිසියට පැමිණ සිටියද පසුව ඔහු මඟහැර ගොස් තිබිණි.
දකුණු කළුතර පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති සචින්ත අමරසේකර මහතාගේ උපදෙස් අනුව පරීක්ෂණ සිදුකෙරිණි.
මතුගම - වසන්ත කුමාර