තමන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පසුගිය දිනවල උද්ඝෝෂණයක හා උපවාසයක නිරතවූ ආබාධිත රණවිරුවන් පිරිසක් නිසා අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට
කලබලකාරී තත්වයක් ඇති වුණා.
පොලිසිය පැවසුවේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට මෙම අවස්ථාවේ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරන්ට සිදුවූ බවයි.
තත්ත්වය පාලනය කිරීමට වෙන කළ හැකි දෙයක් නොවුණ බවද පොලිසිය පැවසුවා.
ආබාධිත රණවිරුවන් මුහුණ දෙන විශ‍්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති කෝප‍්‍රල් යූ.ඞී. වසන්ත ප්‍රමුඛ පිරිස මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. මේ නිසා කොළඹ ලෝටස් පාරද අද තාවකාලිකව වසා දමන්නට සිදුවිය.