දිඹුලාගල කඳු මුදුනේ භාවනානුයෝගීව වැඩ සිටි භික්ෂුන් වහන්සේ නමකගේ යැයි සැක කෙරෙන ඇටසැකිල්ලක් ඊයේ (15දා) දහවල් සොයා ගත් බව අරලගංවිල පොලිසිය පවසයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන


භික්ෂුන් වහන්සේ කිහිප නමක්ම දිඹුලාගල කඳු මුදුනේ පිහිටා තිබෙන කුටිවල දිගු කලක සිට භාවනානුයෝගීව වැඩ වාසය කරති.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී 1979 වර්ෂයේදී පැවිදි වූ මැදිරිගිරියේ රූපාලංකාර හිමියන්ද දිඹුලාගල කඳු මුදුනේ කුටි තුළ භාවනානුයෝගීව සිටි බවත් උන්වන්සේට අවුරුදු 70ක් පමණ වන බවත් මෙලෙස අපවත් වී ඇත්තේ එම හිමි නම බවට සැක කෙරෙන බවත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන් වහන්සේ කිහිප නමක්ම පැවැසූහ.

සිද්ධිය පිළිබඳව අරලගංවිල පොලිසිය හා එක්ව පොළොන්නරුව අපරාධ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණ අරඹා ඇති බව අරලගංවිල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

වැලිකන්ද - ප්‍රසාත් සමන්